Posted in
කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමි...න් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙවන් ඉදිරියට යමින් පවතී..හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර.තවත් සෙනග නගින්නට විය.ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි.. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය..බස් රථය ඉදිරියට ඇදෙන්නට විය..ටික වේලාවකින් ...තරුණිය ගස්සා තරුණයාට රැවුවාය.. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය.. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !! '' තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද..කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ..ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං'' බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය.. තරුණයා කෙතරම් හැඩි දැඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය.ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට.. ඔහු තම හඩ අවදි කලේය.. ''මගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි.මම යුධ හමුදාවේ..පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා..මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ.ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි.එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ.මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ..ආය පාරක් මට සමාවෙන්න'' තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය.. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ලැජ්ජා වෙන් ඇබරි බිම බලන්නට විය.. අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය.අපේ පණ බේරුවේ ඔවුන්ය..අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය..දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.
අපේ රනවිරුවන් වෙනුවෙන් මෙය share කරන්න
මේ කතාව අපිට එව්ව Srishan Cool ට ගොඩක් ස්‌තුති..
අපේ රනවිරුවන් වෙනුවෙන් මෙය share කරන්න
මේ කතාව අපිට එව්ව Srishan Cool ට ගොඩක් ස්‌තුති..



:a
:b
:c
:d
:e
:f
:g
:h
:i
:j
:k
:l
:m
:n
:o
:p
:q
:r
:s
:t