Follow me on Twitter RSS FEED

1 වන පාඩම

හොදයි අපි අපේ 1st Java program එක ලියන්න පටන් ගම්මු..අපි මුලින්ම Java program ලියන්න notepad 1ක use කරමු..notepad open කරගැනිමට


Start > All Program > Accessories > Note Pad




දැන් අපි program 1 ක ලිවිමට පටන්ගමු.....

සැම විටම Java program 1ක් ලියනු ලබනුයේ class 1ක් තුලය.ඒ කියන්නෙ මේ වගෙයි..............




class MyFirstProgram {
........code.........
}


මෙහි class යන වචනයේ සියලුම අකුරු simple අකුරු වේ.මෙහි ලියන සියලුම commands මෙම {} න් තුල ලිවිම සිදු කරයි..MyFirstProgram යනු program ඒකේ name 1 වන අතර කිසිම විටක space තැබිම සිදුකල නොහැක.notepad 1කේ ලියපු program 1ක save කිරිමේ දී එම නම ඒ ආකාරයෙන්ම යොදා ගත යුතුය..save කිරිමේ දී අනිවාරයෙන් file extension 1ක .java ලෙස save කල යුතුය.
උදා-MyFirstProgram.java






ඔන්න දැන් මම සම්පුර්න program 1ක් ලියනවා
ඔයාලගේ name1 printක් විම සදහා.


class MyFirstProgram {
public static void main (String args[]){
System.out.println("My name is kamal");
}
}

මෙහි String සහ System යන වචන හි මුල් අකුරු capital විය යුතුය..
දැන් මේ program 1ක MyFirstProgram.java ලෙසින් කැමති folder 1ක් තුල save කල යුතුය. save කලාට පසුව අපි බලමු program 1ක Run කරන ආකාරය...

Java Program 1ක් Run කිරිමට පෙර Compile කල යුතුය..මම දැන් Compile කර Run කරන ආකාරය පියවරෙන් පියවර කියන්නම්.

ඒ සදහා
මුලින්ම
  • DOS Prompt ‍1ක ලබාගැනිමට Run 1කේ cmd ලෙස type කර [enter] කරන්න
  • file 1ක save කර ඇති folder 1කට යාමට cd command 1ක පහත ආකාරයට use කල හැක
  • file 1ක save කර ඇති folder 1කට තුලට ඇවිත් javac MyFristProgram.java [enter]කරන්න.මෙහි දී program 1ක Compile විම සිදුවේ. program 1කේ errors ඇත්නම් මෙතනදී display වේ.
  • ඉන් පසුව program 1ක Run කිරිමට java MyFirstProgram [enter] කරන්න
  • ඉන් පසුව program 1ක පහත පරිදි Run වේ.


  • මේ අකාරයට ඔබට විවිද දේවල් display විමට Java programs ලිවිය හැක.

අපි ඉදිරියේ දී public static void main (String args[]) ලිවිමේ දී psvm ලෙසටත් System.out.println("");යන්න sop ලෙසටත් කිමේ පහසුව සදහා නම්කරන්නෙමු..


Java වල කිසියම් දෙයක් print කිරිමට System.out.print("")යන්න in නැතිවද භාවිතා කල හැක.
ඔබට System.out.println("") සහ System.out.print යන 2 වෙනස පහත හ දුන්වාදී ඇත.

System.out.println("") යන්න print කර cursor 1ක පහල පේලියට යැම සිදුවන අතර System.out.print("") හි දි print කර cursor 1ක ඒතනම නැවතිම සිදුවේ.


ඔබට ඒක දි ගට පහලට පේලි කිපයක් print කරගැනිමට පහත පරිදි /n භාවිත කර program 1ක ලිවිය හැක......


class MyFirstProgram {
public static void main (String args[]){

System.out.println(" kamal silva\n 59 \n Maradhana");

}
}

මෙය පහත පරිදි run වේ............




Java Install කිරීම හා path set කිරීම



මම අද Java පලවෙනි පාඩම පටන් ගන්නවා.අපි මුලින්ම බලමු Java install කරගන්නෙ කොහොමද කියලා.ඔයාලාට හරිලේසි Java download කරගන්න.Java download කරගන්න මෙතන click කරන්න.

මම හිතනව ඔයාලා හැමෝම Java install කරගත්ත කියලා.අපි
Java install කරගත්තJava Program එකපාරටම run කරන්න බැහැ.ඒ කට computer 1කේ Java වලට path 1ක set කරන්න ඔනකරන්න ඔන.ඒ සදහා ක්‍රම කිපයක් තියනවා....

1
ක්‍රමය
පියවර 1. ඔබේ පරිගණකයේ My computer right click කර -> Properties වෙත පිවිසෙන්න.

පියවර 2. එහි Advanced වෙත යන්න.

පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings වෙත යන්න.

පියවර 4. එහිත් Advanced නම් Tab එකට පිවිසෙන්න

පියවර 5. එහි දකුණු පස පහළ කෙළවරේ ඇති Environment Variables වෙත යන්න.

පියවර 6. මෙහි User variables වල path නමින් variable එකක් තිබෙනවද කියලා බලන්න. ඒක select කරලා edit button එක ඔබන්න.

පියවර 7. එතකොට ලැබෙන පොඩි input box එකේ variable value කියන තීරුවෙ කෙලවරටම යන්න තියෙන values වලට කිසි වෙනසක් නොකර.

පියවර 8. එම අවසන් කෙලවරට semicolon එකක් (;) දාලා ඔබ මීට ටිකකට කලින් ස්ථාපනය කර ගත්තු JDK එකේ bin කියන ගොනුවට තියෙන සම්පූර්ණ යොමුව (Absolute Path) අර (;) ට පස්සෙ ඇතුළු කරන්න. ඔබ නිර්දේශිත ගොනුවටම එක ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk1.6.0_12\bin) ::මතක තියා ගන්න. User Variables වල path කියලා variable එකක් නැත්නම් new ගිහින් variable name එක path විදියට නම් කරලා නව variable එකක් හදා ගෙන ඒකට bin 1 path 1ක දෙන්න.

පියවර 9. මේ ලෙසින්ම System variables වල තිබෙන path variable එකත් වෙනස් කර ගන්න.

පියවර 10. වෙනස් කිරීම් කලායින් පස්සෙ command prompt එක අරගෙන javac කියලා type කරන්න.
ඒ විට පහත පරිදි දිස්විය යුතුය


2 ක්‍රමය
පියවර 1. මෙය Dos command prompt 1කට ගොස් (Dos command prompt 1ක සදහා run 1 කේ cmd ලෙස type කරන්න)

පියවර 2. command prompt 1 කේ path="C:\Program Files\Java\jdk1.6.0\bin"[enter]

පියවර 3. command prompt එක අරගෙන javac කියලා type කරන්න.
ඒ විට පහත පරිදි දිස්විය යුතුය
දැන් Java program ලිවීමට සියල්ල සුදානම්............අපි ඊලග පඩමෙ සිට Java program ලියමු......


Related Posts with Thumbnails

ShoutMix chat widget
d